Tuesday, September 29, 2009

ගොළුබව


තුරුණු විය මත
කෙළි දොළෙන් දස
අත දිවෙන මේ
රුදුබවේ
මධුර වෙණ නද
ගැටෙන සවනත
ඇසුණි අමිහිරි
ගොළුබවේ
කරපු මිහිමත
වැරදි නැත අද
නිවා සනහන
ගීතයේ
රැයක් පැදිකර
ගෙතුණ මුත් අද
ලොවක් නැත ‍මේ

ලෝකයේ